චාන්දනී පායලා ආදරේ
Chandani Payala
චාන්දනී පායලා ආදරේ
නාමල් සුගන්දේ වසන්තේ පුරා
නෑඹුල් නෙතින් කළ ආරාධනාවේ
රැහැණින් වෙලී සිත ඉවසුම් නොදේ
ආයෙත් වසන්තය මුතුලැල් සලන්නා
නාමල් නෙලන්නයි ඇරයුම් කළේ
මල් මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ
ආවත් නැගී නුබ ඈතින් ඉඳින් සඳ
නාමල් විමානේ අපටයි සඳේ
සිහිනෙන් පැතූ සුව සංකල්පනාවේ
නා මල් නෙලන්නට සඳ රැස් ඇළේ
මල් මාලියේ ඔබෙ පැතුම මා
ඒ පැතුම මේ සසරෙ සපුරා රැඳේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගුණදාස කපුගේ