බෝධියෙන් වට

Bodhiyen Wata
බෝධියෙන් වට බෝ පතක් සේ
සුමුදු වැලි මළුවේ
වැතිර ඉන්නට වරම් මට කොහිදෝ
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
සැලෙන බෝපත් සෙමින් මුමුණන
මියුරු බුදුගුණ සරින් සැනහී
දුමිඳු හෙවණේ සිහිල් පවනේ
නිවී සැනහී රැඳී ඉන්නෙම්
ළදළු බෝ පත් තෙමා වෑහෙන
රිදීවන් සඳ දියෙන් නැහැවී
මුණිඳු හෙවනේ සිහිල් පවනේ
නිවී සැනැහී රැඳී ඉන්නෙම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව