බිරිඳ මගේ ඔබ
Birinda Mage Oba
බිරිඳ මගේ ඔබ
නැ මා ඔබගේ බිරිඳ නොවේ
දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ
බිරිඳ නොවේ ඔබගේ බිරිඳ නොවේ
ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත
මාව් පිය නෑ සිය ආසිරි ගී මැද
දෑගිලි පමණක් එකට බැඳී ඇත
සිරුරින් එකතැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගුණදාස කපුගේ