බිංදු බිංදු රන්
Bindu Bindu Ran
බිංදු බිංදු රන් ගෝමර මාලා
බන්දා ගෙල වට ඔමරි ලතාවට
කන්දෙන් පාවී ලංදට බසිනා
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි
හුරු නැති මලක ගොස් උගුලක වැටෙනු එපා
කළුවර ගලද්දී තනි මග ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන මකනු එපා
පිරිවර සොයා මා තනිකර යන්න එපා
කුණ්ඩ සමන් පෙති සුවඳ හලාලා
රන් හිරුරැස් කෙදි දෙරණ සිඹින විට
මන්දැයි තවමත් ලංදට නාවේ
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව