බණ කියන රටක්
Bana Kiyana Ratak
බණ කියන රටක්
බණ අහන රටක්
යුධ බිමක් වුණේ කෙලෙසා
එය නිවන මගක්
මල් පිපුණු ලොවක්
අපි දකිමු ඉතින් කවදා
පිං පුරන හිතක්
පව් නොදුටු අතක්
යුධ බිමට ගියේ කෙලෙසා
එය සොයන බවක්
නොදැණුනිය ඉවක්
යුධ බිමක් වුණේ එලෙසා
සාමයට මගක්
යුධ බිමට මලක්
ගෙනියන්න කෙනෙක් නැතුවා
එය දකින ඇසක්
සිත් නිවන මගක්
නොතිබුණිය රටම රවටා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි