බඹර රාව

Bambara Raawa
බඹර රාව නැංවෙනා අඳුරු ලෙන තුළේ
මල් පිපි රොනින් පිරේ සුරත් කුසුම් තුළේ
තටු කඩා දැමූ බිඟුන් එයි පෙළින් පෙළේ
සිංහබා පුතුණි බිඳින් ලෙන් දොරේ බලේ
කැලේ බිහිදොරින් ඇසේ ළහිරු කැන් සිනා
දෙමන්සලට මං කියාවි පහන් තාරකා
වන හිසින් කඩා හැලේ කුරුළු ගීතිකා
ඒ උදාන ගීතයයි නව දිනක් පතා
වටු රැලක් ලෙසින් හඹා මිදී එන දිනේ
කෙවිලියනි මිහිරි සරින් ගයව් පා සෙනේ
යදම් බිඳී සුරත් සැලේ සුනිල් නිලම්බරේ
ලපලු සේ සැලෙන්නෙපා පුතුන් එන දිනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රදීපා ධර්මදාස
All songs by ප්‍රදීපා ධර්මදාස