ඇතුල් හිතේ

Athul Hithe
ඇතුල් හිතේ හිත පතුලෙම
පරිස්සමින් හංඟා
තුරුළු සුවේ සියුමැල්ලෙන්
පිරිමැද නිදිකරවා
පතුල් පවා සිඹ සිඹ
නිදුකින් මා කර පින්නා
නැළවිල්ලෙන් ආත්මයම
උණුහම් කල අම්මා
මගේ අම්මා
වචන රහිත දිගම පේන
ගීය කනේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න
පාර කියුවේ අම්මා
නැතිබැරි කම් හංඟා
ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා
ආත්මයම හැදුවේ අම්මා
හරිම තැනින් පටන් ගන්න
කියා දුන්නු හින්දා
හොදම දෙයක් කරන් යද්දි
සතුටු වෙන්නේ අම්මා
සැප විදිනවා දැකලා
හිස සිඹ සුභ පතලා
හිනා වෙවී හැඬුවේ අම්මා
ආත්මයම හැදුවේ අම්මා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්