අරුන්දතී තාරකාව

Arundathi Tharakawa
අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැගී නැගී
වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල් වන් වැව් යායයි
සිරිලක් දසනුදිසා එක හීයයි
ලක්වැසියෙක් වී අද ඉර පායයි
මල්සර උක්දඬු දුනු හී මානයි
නව යෞවනයේ පෙම් රජ දානයි
හිරු නව පැතුම් පතා රැස් වීදයි
නිවහල් ලොවකට මං පෙත් පාදයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක