අරුණ උදයේ
Aruna Udaye
අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබා
ඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා
ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්
එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්
පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්
කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්
නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්
දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්
ඉතින් රැකියාවක් ද හරි හැටි නොමැති ඔහුගේ අත අරන්
කොළඹ යයි ඇය ඔහු හිඳී ගෙයි ගෙයයි දරුවයි මුර කරන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක