ආරාධනා

Aradhana
ආරාධනා
ආරාධනා
ජීවිතයේ තනිමංසල අතරමංවෙලා
හුදකලාව සුසුම්හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහීගි සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා
ආරාධනා
නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවෙ
මැකී ගියාදෝ කාලයේ වෙරලේ
ජීවිතයේ දිගු ගමනින් අනාතවූදා
සෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා
ආරාධනා
ආරාධනා
එදා සිගිති කිරි සුවඳින් යුගදිවි අරනේ
ඔඛෙ උණුසුමෙ යලිඳු උපන්නෙම්
කිඳුනු එවන් රජදහනෙන් සමුගෙන යනදා
ඔඛෙ නුවන් පහනින් යලි එළිය ලැඛෙවා
ආරාධනා
ආරාධනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව