අනෝතප්ත විල
Anothaptha Wila
අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා
එරන්දතිය එනවා
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා
කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාලය ගිරෙන් සිතුවිලි සේනාගෙන
වරගන පිරිවරිනා එරන්දතිය එනවා
නලලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙලාලා
පාද කිකිණි සොලවා එරන්දතිය එනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව