අන්න බලන් සඳ

Anna Balan Sanda
අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා
අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
මන්මද රංගන මණ්ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ
ගායනය : එඩ්වඩ් ජයකොඩි / සන්ධ්‍යා දීපානි
තනුව :
ගී පද : මහගම සේකර
කුණ්ඩල කේසි නාට්‍යය
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි
All songs by එඩ්වඩ් ජයකොඩි