අඳුර අඳුර මගේ
Andura Andura Mage
අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ
ඝණ රෑ කළුවර තනියම කුටියේ
ගතකල දිවියේ රස තැන් සිහිවේ
කුටියේ කෙලවර එළියක් දිස්වේ
එළිය සොඳුර මගේ දිවියට ලංවේ
පෙම් එළි විහිදා නිවා දැමූ පසු
දුන් නෙත් පීඩා දනිමී පෙරදා
සදාකාලිකය අඳුරේ රැජිනිය
ඔබ හැර යන්නට නොදේවී මගෙ හිත
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන