අම්මා නැති මට

Amma Nathi Mata
අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ
පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පදමට දී මට නැණනෙත් පෑදූවේ
මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක