අමා දහර දිය

Amaa Dahara Diya
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා
මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා
සියල්ල කෙලෙස් මැඩ බුදුවූවා
ජීවිතයේ ඇති නොනිමි අතිර බව
ලොවට පැතිරූ කරුණාවේ අම ගුණ
සියළු සතුන් වෙත සදහම් රස පෙවූ
කරුණාබර නෙත් නිවී ගියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක