අලුත් දවසක
Aluth Dawasaka
අලුත් දවසක අලුත් වෙරළක
අලුත් ගීතය ඇසේවී
අලුත් අරුතක් දැනේවී
අලුත් හෙවණක අලුත් යහනක
අලුත් හීනය බිඳේවී
අලුත් මිහිරක් දැනේවී
පිපෙන මලකින් සුවඳඅරගෙන
හමා යද්දී මාරුතේ
උදම් නොවෙමින් තුරෙහි හිනැහෙන
එමල පහදයි ජිවිතේ
හෙලන සුසුමක රැඳුනු දුක දැක
සසල වෙයි ගහ කොල පවා
එවන් සුසුමක් උපන් හදවත
සසල නැති හැටි රෑ දිවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක