අකුරු කරන්නට
Akuru Karannata
අකුරු කරන්නට පොඩි සන්ධියෙ බාලේ
මතකයි මවුපියන් නුඹ මට දුන් තාලේ
දෙපතුල වැටී දෑතින් වැඳ ඒ කාලේ
දුන් දුංකොල බුලත් වේලුනි මැද සාලේ
පාඩම් කියා දී හඬ ගා උගුර තලා
රජ පෙරහැරට නූඹ ඇන්නන් එකතු කලා
වේවැල් කෝටු නාරං අතු ඉවත හෙලා
මම එතැනමය හිමි ගුරු නිවසටම වෙලා
නුඹලෑ නමින් කැප කොට හොඳ කල වයස
කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස
නොහැඟෙන ලෙසින් පෑදූ බව සිය නැණස
පසු කර පිය මනිති දරුවෝ ගුරු නිවස
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක