ඇහුම්කම් දෙන්න නම් එපා

Ahumkam Denna Nam Epa
ඇහුම්කම් දෙන්න නම් එපා
අඩ සඳ නුඹත්, මා ඇයට මුමුණනා පෙම් කතා
ඇගෙ උණුසුමට මා මත් වෙලා
සුන්දර වූ මේ රැයේ තනි වෙලා
මලානික වලාපෙල ඇදි ඇදී යයි දුරින්
නිරාවරණය කරයි මුලු ලෝකෙම අප කෙරෙන්
මගේ කොපුලක ඇගේ, අකීකරු කෙහෙ රැළක්
දැවටෙනා හැටි බලන්
සරාගික නුරා ඇස යොමාගෙන ඇයි හොරෙන්
අපේ ලෝකයම දැන් වලා රොදත සඟවපන්
ඇසේ මිණීකැට ඇගේ උමතු වී ප්‍රේමයෙන්
දිළිසෙනා හැටි බලන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක