ඇගේ නමට

Age Namata
ඇගේ නමට හිමිකම් පවරා දුන්
මගේ ජීවිතය නම් දිනපොත ගෙන
පෙරලා බැලුවෙමි එහි පිය සටහන්
යුග ගණනක් දුර මතකය විහිදා
නිකිණි මහේ තිස් එක් වැනි රිවි දින
ඇය හමු වූ බව මම ම ලියා ඇත
රෝස මලක් ගුරු පාරේ දුටුවෙමි
නෙළා ගන්න එය දවසක රිසිවෙමි
ඉල් මාසේ තිස් එක් වැනි සඳු දින
මිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවක
මා හා එන බව ඇගෙ අත් අකුරින්
පිටක් පිරෙන්නට ලියා තබා ඇත
උඳුවප් මාසේ කිසියම් දවසක
බොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයි
ඇය දීගෙක ගිය වග මා අතහැර
කවුරු නමුත් ලියලා ඇත ලොකුවට
ඉන්පසු පසු පෙරළෙන හිස් පිටු ගණනකි
තවමත් එහි මම කිසිවක් නොලියමි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක