ආදරෙයි මං ඔය හිතට තාමත්

Adareyi Man Oya Hithata
ආදරෙයි මං ඔය හිතට තාමත්
සිහිනයටවත් ඔයා දැන් නාවත්
වෙන් වෙලා අපි දුරින් ඉමු කීවත්
මතක් වෙන්නේ ඔයාවයි තාමත්
ආදරෙන් හීන මට ගෙනත් දුන්න
ඇස් දෙකෙන් කඳුළු දීලා
හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා
ඔබ දුන්න දුක දැනීලා
දෑස හඬයි තනිවීලා
වේදනාවෙන්ම මියැදුනත් දිනෙක
මතකයෙන් යන්නේ නෑ ඔයා
නෙතු තෙමා බලන කඳුළු බිංදු වල
දුක දන්නේ නැත්තේ ඇයි ඔයා
ඔබ ළඟින් නැති හින්දා
දෑස හඬයි තනිවීලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්