ආදර ගඟුලෙහි
Adara Gangulehi
ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු
මල් වැල් වන විල් පිරී ගියේ සෙවණ දෙවන්නලු
බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ අපට බලන්නලු
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ පෙමට අඬන්නලු
මී වද මී පැණි පිරී ගියේ දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ ලොවම පිනන්නලු
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ ඔබව ලබන්නලු
ඒ හැර ලැබුණත් පලක් නැතේ ඉසුරු මැණික් මලු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක