ඈත එපිට ගම්මානේ

Aatha Epita Gammane
ඈත එපිට ගම්මානේ
වෙල අද්දර පුංචි පැලේ
පුංචි පුතා මිදුලට වී
හඳ ඉල්ලා හඬනු ඇසේ
සඳ මොකටද අපට පුතේ
තරු මොකටද ආකාසේ
පුතා උපන් මේ මව් රට
ඊට වඩා අගෙයි පුතේ
දෙදහස් වසරක් තිස්සේ
අප හිටියා මේ පොළොවේ
කවදාවත් අපට පුතේ
අගහිඟයක් නෑ දැනුණේ
ඒ කාලේ අපියි පුතේ
ඔය මහ දාගැබ් හැදුවේ
මූදු වගේ වැව් බැඳලා
ගොඩ මඩ දෙක සරු කෙරුවේ
පාන්දරින් වෙල් නියරේ
ඇවිදින කොට ලා පින්නේ
වාසනාව මේ පොළොවේ
හිතට කයට දැනෙයි පුතේ
අපේ ලෙයින් මසින් පුතේ
අප මේ රට ගොඩනැඟුවේ
අපේම පණ පුද කරලයි
අප මේ රට පණ පෙව්වේ
සිංහල රන්කිරි කට ගා
පොඩි පුතු හෙට ලොකු වෙනවා
රට රකින්න රන් අසිපත
පුතුගෙ අතට මම දෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක