වේදනාවන් හදවත පුරවා

Wedanaawan Hadawatha Purawa
වේදනාවන් හදවත පුරවා
සිහිවෙන හැම මොහොතක් ගානේ
ආදරේ යැයි මේ ලෙස දැනුනේ
සිත හඬනා විට උණුසුම් වේ
සිත පුරා දකින්නට
සිනහ මවන්නට
ඇත්තේ එක දසුනයි ඔබගේ
පොත් පුරා ලියන්නට
කතා නැතේ මට
ඇත්තේ එක වදනයි මුවගේ
නෙත ළඟ නැතිමුත්
මගෙ නෙත රැවටී නැත
සිත බැඳිලා ඇත
ඔබෙ සෙනෙහෙ
පහසක් නැති මුත්
ගත වෙලිලා ඇත
ඔබගේ සියුමැලි කතා පෙලේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by හසිත ඇන්තනි
All songs by හසිත ඇන්තනි