ඔබට මං හරි ආදරේ බව
Obata Man Hari Adare Bawa
ඔබට මං හරි ආදරේ බව
කියන්නේ කෙලෙසේ
ඔබ තරම් තව ආදරේ කල
කිසිවෙක් නැහැ නේ
ආදරේ බව කියා ගන්නට
ඔබත් ළඟ නෑනේ
කියන්නට පෙර කතාවක් ඔබ
ලියන්නේ කෙලෙසේ
දකින්නට පෙර සිනහවන් ඔබ
හඬන්නේ කෙලෙසේ
සිඹින්නට ඔබෙ සිහින් දෙකොපුල්
යලිත්වර බෑනේ
විඳින්නට එක හීනයක්වත්
තියා නොම යන්නේ
හදේ කොතැනක හෝ
රැඳී ඉඩ දෙන්නකෝ
ඔබේ සුසුමන් තුලින්
යලිත් පණ දෙන්නකෝ
නෙතේ කඳුළැල් ගලා
ඔබේ රුව සිහිවෙලා
යලිත් නොඑනා ඔබේ
සුසුම හද හිරවෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by හසිත ඇන්තනි