උඩරට නිළිය හැඩ වගේ
Udarata Niliya Hada Wage
උඩරට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ
මල්පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ
සිංහල ජාතියට ගරු සරු
ලබා දෙවන උඩරට නිළිය
ඔබෙ සියුමැලි මඳ සිනාව
රන් පැහැ දෙතොලට ඉනාව
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ
බෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන් මත් කරවා
සොඳුරු නිළිය අපෙ නාලිය
උඩරටටම හැඩකාරිය
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඇනස්ලි මාලවන