තුන් සිත දැහැන්ගතවෙනා
Thun Sitha Dahangathawena
තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන
සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා
නෙතගට කඳුල ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැගුම
සුන්දර පියවි ලොවක
රගන්න කියන්නට එපා
තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම
සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා
පෙම්බර වදන් වැල විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක -
දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා
සුන්දර අදහසක් තියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක
සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කමල් අද්දරආරච්චි