තාර පැටියා
Thara Patiya
තත් තත් තත් තාර පැටිය
තාත්ත ගෙනා තාර පැටිය
පුතා මගේ තාර පැටිය
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි
කිරට ගියා අම්මි පුතේ
කිරි එරවා එන්ට පුතේ
කිරි මුට්ටිය අතින් පුතේ
ගඟේ වැටි දොයි
අම්බිලියෝ පිනෝ පිනෝ
වළං කදක් ගෙනෝ ගෙනෝ
අන්න පුතේ මුවා වෙලා
වලාකුළේ දොයි
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නෙ නෑ
බබුට බයේ දොයි
චූටි බබා කෝ කියා
පුතාට දොයියන්න කියා
කෝකිලයා අන්න පුතේ
දිවුල් ගහේ දොයි
දොමි තරිකිට තාන් කියා
කරිකිට තක දෝං කියා
වැල ගෙඩියක් ආන් පුතේ
ගහින් වැටී දොයි
ඔන්න බබෝ බිල්ලො එනවෝ
අඬන ළමයි අල්ලනවෝ
අනේ මෙහේ එන්න එපෝ
අපේ පුතා දොයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by හෙන්රි කල්දේරා