මිදුලේ සුදු වැලි තලයේ

Midule Sudu Wali Thalaye
මිදුලේ සුදු වැලි තලයේ
මිරිවැඩි සඟලක සලකුණු
දැක මා හද පතුලේ
සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ
කවුරුන් හෝ පැමිණ ති‍බේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ
බිරිඳට සොහොයුරන් නොමැත
මා සොයුරු ද අසනීපෙනි
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා
අවුල්ව ගිය මනසින් යුතු
මා නිවසට ගොඩවැදුනා
මගෙ නෙත ගත
සිත වෙහෙසූ රහස හෙලිවුනා
මගේ පාවහන් පලඳා
සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by හෙන්රි කල්දේරා
All songs by හෙන්රි කල්දේරා