සුවඳ මට දී

Suwanda Mata Dee
සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවඳ මට දී
කුරුලු ගීතය වී පෙම්
ස්වරය මට ඇසුනි
කුරුලු ස්වර ගොළු වී මිහිමතේ
තුරු කඩා වැටුනි
සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවඳ මට දී
ගඟට නාදය වී ඔබ
ගලනවා ඇසුනි
සයුර නොම හමුවී අතරමග
සිටිනවා දුටුමී
සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවඳ මට දී
Contributors · 2
Pahansaedited the lyrics, marked singer parts, added chords
Anjula Sashikaadded the song
Lyrics reproduced for study · © respective rights holders
More by චන්දන ලියනාරච්චි
All songs by චන්දන ලියනාරච්චි