සෙනෙහස සුවඳයි

Senehasa Suwandayi
සෙනෙහස සුවඳයි පියුමක් වාගෙයි
සිහිනය මිය යයි ඔබ දුර ඈතයි
මතකය සමරයි හදවත වැලපෙයි
කදුලක් අතරින් සුසුමක් රිදවයි
පව් කල හින්දද පෙර සංසාරෙක
විරහ කදුළු මැද තනිවී දෙතැනක
උරුම වුනා දුක අහිමි වුනා ඔබ
එහෙත් දයාබර හිතක් තියේ මට
සඳ දුර තනිවම වැලපෙයි අප ගැන
පන්හිද නිතරම ලිව්වා ඔබ ගැන
කව් ගී ලිව්වට එහි රස විදිනට
ඔබ නෑ මා ලඟ ගොස් දුර ඈතක
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්දන ලියනාරච්චි
All songs by චන්දන ලියනාරච්චි