සුදු පාට මල් පිපුණු

Sudu Pata Mal Pipunu
සුදු පාට මල් පිපුණ
අරලියා හෙවන යට
බාලිකාවේ සුවඳ තනිවෙලා
අපි ඉතින් වෙන් ව යමු
අපි අතින් ගිලිහි ගිය
සියලූ දේ අතීතෙට පවරලා
ඇසළ සඳ දිය නොවුන ඈත වැවු තල කොනෙක
ගයා නිම වූ කවිය ඉකිබිඳී
අපට අප පමණක් නොවෙයි නැණ නුවන් සැදූ
තක්සලාවත් අහිමි වීලා
සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
ගෙවී ගිය මල් සමය සිහිනෙකී
සඳට ඉකි බිඳ හඩන නොදරුවන් නොවී අපි
සිනාසෙමු අතීතෙට සෙනෙහසින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ
All songs by කරුණාරත්න දිවුල්ගනේ