මේ අහස මේ වගේ

Me Ahasa Me Wage
මේ අහස මේ වගේ
ගන නිල් සළුවකින් එතී
සැරසුණ එක් වසන්තයක
හමු වුණා අපී
ගහකොළද මල් පිපී
සැරසී සුළඟෙ දඟ වෙවී
ඔබයි මමයි ලං කළ හැටි
සිහිනයක් වැනී
ඒ අතීතයේ ඔබ මිමිනූ
වදන් යළි යළී
රාව නඟන විට දෙනුවන්
බොඳව යයි සැලී
අතීතයේ මතක සුවඳ
සුසුම් හා වෙලී
නටඹුන් සෙනෙහසේ නුවර
ගොස් ලැගුම් ගනී
ඒ අහසමයි යළිත් අද නිල්
සළුවකින් එතී
වසන්තයට මල් පිපෙනව
සුළඟෙ දඟ වෙවී
වසත් සියොත් කැල ගැයුවද
ප්‍රේමයේ කවී
අපේ හදේ වස්සානය
තවම නිම නැතී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ
All songs by කරුණාරත්න දිවුල්ගනේ