සිතුවිලි ගංගා
Sithuwili Ganga
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳිලා
කඳුලක් වී සුළඟේ පා වේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිව් වසරක් ගෙවුනා
රතුමල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුළු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැනුනේ
පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලියෙ ඔබෙ විකසිත පැතුමන්
පව් කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්දන ලියනාරච්චි