සිනා දෙතොලේ පරවෙලා
Sina Dethole Parawela
සිනා දෙතොලේ පරවෙලා
පෙති හැලී සුන් වීලා
දැවී හළු වී නිමා වී යයි
මතකයේ සේයා
සිතක සෙනෙහස වපුරවන්නට
නොහැක බලයෙන් නම්
සිතක සෙනෙහස නෙතින් ගැලුවද
නොවේ හද උණුසුම්
දිනා සිහසුන් අරා හිඳිනට
වරම් නැති වීමෙන්
හෙළූ අවසන් සුසුම් පොදවත්
උණුසුමක් වීයන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ