සිහින අසපුවේ

Sihina Asapuwe
සිහින අසපුවේ ඔබ හා මා
රැඳී සිටින්නම් තුරුලු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී
රුවට මුලා වී සිතට වහල් වී
ඔබ පතනා ආදරය නොවේ
එලෙස කියන්නට ම සිත යෙදී
ඔබ හඳුනාගනු බැරිව නිති
පිවිතුරු සෙනෙහස මා දනිමි
සැම සිතුවිල්ලක ඔබ පැටලේ
නිමක් නොවේ හදවත රිද්මේ
සොඳුරු ලොවක හමුවන්න පෙරුම්
ගතින් සිතින් එක්වෙමුද ඉතින්
හඳුනාගමු පැහැදිලිව අපි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්දන ලියනාරච්චි
All songs by චන්දන ලියනාරච්චි