ශීලා
Sheelaa
බැලු බැලු හැම තැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් ම දෙසේ ඇඳේ
සුළඟේ පාවී මගේ ගී යාවී
ඇසුනොත් එනවාද සොඳුරියේ මගේ
මා හට සැර වීලා
කොහිදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ
තනිවීලා මා ඉන්නේ කෙසේ
ඒවීදෝ මාගේ කුමාරී
ලොවම නැවතිලා නිහඬයි වටේ
තනිකම පාළුව දැවටී වටේ
දුරකතනයකින් ඔබ අමතාවියි
හිතමින් ඉන්නේමි තනි ලෝකයේ
තනිවුනු යහනට එන විට
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබේ රුව දැකගන්නටවත්
වරම් ලැබේද මට
ඔබේ ලස්සන ඇස් දෙක
වෙනකෙකු හට ළැදි වෙන්න එපා
ඒවීදෝ ඒවීදෝ ඒවීදෝ මාගේ කුමාරී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජයශ්‍රී