පිටරට විස්තර මෙව්වා

Pitarata Wisthara Mewwa
පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා
ගමේ තියන ඉඩම් ගෙවල් උගස් තියලා
යන්න හදනවා පිටරට මිල්ල සොයලා
සිලිං පව්ම් ඩොලර් යුරෝ වලට රැවටිලා
දිවි දෙනවනේ කන්ටේනර් ඇතුලට වීලා
බෝට්ටු වල මුහුද මැද්දේ මරුව සමග පොර
කඳු පල්ලම් කැලෑ මැදින් ගමන බයන් කර
වටී ද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
මඟ මැරුනම වග කියන්නේ කවුද කියන් සඳ
ගෙදර ටවුමෙ හංදි ගානේ රවුම් ගහන සැප
ගන්නට බැහැ මෙහෙ ආවොත් ආතල් හැම විට
ජීවිතෙ ලස්සන කාලෙ ගෙවන්නෙපා දුක
හිතල බලල එන්න ඇත්ත කිව්වා හනිකට
උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක
විඳුමට හැර විපාකයට යන්න එපා රට
රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලවට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජයශ්‍රී
All songs by ජයශ්‍රී