රොනට වඩින
Ronata Wadina
රොනට වඩින බිඟු ඔබයි
කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි
සිඟිති පෙති මමයි
ජේසූ දෙවියනී
පහන් දොරට හිරු ඔබයි
කුමුදිනිය මමයි
රැයට දිළෙන හඳ ඔබයි
හඳට රැය මමයි
ජේසූ දෙවියනී
විලට වසින පිණි ඔබයි
පද්මිණිය මමයි
සුළඟ සළන සිරි ඔබයි
ලලිතිණිය මමයි
ජේසූ දෙවියනී
දියට මුහුද දෙවි ඔබයි
ගලන ගඟ මමයි
දිගත පතල ජල ඔබයි
නගින රළ මමයි
ජේසූ දෙවියනී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මර්සලින් ජයකොඩි පියතුමා