සීනු හඬින් ලොව
Seenu Handin Lowa
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල් දොර ළඟ හිනැහෙනවා
ගව හලකට තරුවක් යනවා
අහසට පොළොව ගැටේ
තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ
තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතු මත මුතු මෙන් බබළනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
හැම තැන රිදී වගෙයි
දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස යනවා
දිය බිඳු ඇඟ සොලවා
දින දින වැහි කළු බර වෙනවා
මහවැලි ගඟ දිය බොර වෙනවා
නත්තල කත් බැඳගෙන එනවා
වැහි බර උඳුවපයේ
අරලිය මල් වතු සුදු මල්
පිබිදී මල් අතු බරවෙනවා
මේ නත්තල් මාසේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders