ප්‍රේමයේ අස්වැන්න නෙලා
Premaye Aswanna Nela
ප්‍රේමයේ අස්වැන්න නෙලා
ගෙපැලට ගන්න අවසරයි
සෙනෙහසින් කිරි වැදී
රන්වනින් කරල් බර වූ දිනේ
ප්‍රේමයේ අස්වැන්න නෙලා
ගෙපැලට ගන්න අවසරයි
දෙකන්නේ මුදු වදන් වපුරුවා
නියන් ගිනි ඇවිලුනත් හිත නිවා
සොරොව්වෙන් ගලා එන
දියවරක් සේ ඇදී
උඹේ හිත මට යමක් කියනවා
රෑ පැලේ පැදුර තනි පංගලේ
සඳ මඬල පෙම් පුරන සක්වලේ
අඬහැරෙන් ඒ පොළේ
අවදි වී යෞවනේ
උඹේ හිත මට නැකැත් ගෙනෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ