පෝයට ඇවිලෙන

Poyata Awilena
පෝයට ඇවිලෙන හඳක් වගේ වුන්
දියණියනේ කිම මේ
මලක් පර වුණා වාගේ
මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ
ඉහිරනු කිරකට නාඬන්
වැළහින්නක සේ
අකුරු කරන් යළි පිබිදි
හිරු මඩලක් සේ
අකුරින් ජය ගෙන නුඹ
රැජිනක් වන දවසේ
මවක් වෙයන් නුඹ
රිදවූ නුවරුන් හමුවේ
ගිලිහුණු කඳුළයි මතු
මුතු වී බබළන්නේ
වැලක හැදුණු ගෙඩි
වැලකට නෑ බරවෙන්නේ
අකල් අනෝරා නින්දා
වැහි වැටුණාවේ
නොසැලී හිනැහෙන්
යසෝදරාවන් වාගේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ
All songs by කරුණාරත්න දිවුල්ගනේ