පොකුරු පොකුරු

Pokuru Pokuru
ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ
මල් පැණි වාරේ ආවාදෝ
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි
බිංදු බිංදු පිණි මුතු වැල් මඟ සරසනවා
මට නොකියම හෙමි හෙමිහිට පිය එසවෙනවා
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ
මට මතකයි මට මතකයි පුංචි කාලේ මං
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබෑවුනා
රිදී කාසි හැලෙන හඬින් සිත සිනාසුනා
මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවේ
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ලතා වල්පොල
All songs by ලතා වල්පොල