ලංකාරෙන් මලක් පිපී

Lankaaren Malak Pipee
ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ
බඹරෙක් එය පිළිකුල් කරන්නේ
සෝබා ධර්මේට නිඟා දෙවන්නේ
බඹරා නම් මල් රොනටයි දුවන්නේ
නිල මැස්සා ඇයි රොන් සොයන්නේ
සෝබා ධර්මේට නිඟා දෙවන්නේ
හීනෙන් ගැලවෙන්ටා බෑ හැංගිලා
ප්‍රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා
දුප්පත් පොහොසත් දෙපිළක් වෙලා
ප්‍රේමෙත් දැන් ඒ දෙපිලට බෙදීලා
තරුණියන්ට තරුණො ආදරෙයි
ඉසුරුදෙවිඳු ලිය හිතේ රකියි
රසැති කෑම ලොව බොහෝ තිබෙත්
හිඟන්නන්ට කොහෙන්ද උණු බත්
සෝකේට මුල් වෙන්නා
තණ්හාව ඕනෙ නෑ
ප්‍රේමෙන් ගැලවුම් බැහැ තරුණෙක් වෙලා
දුප්පත් පොහොසත් කුලයක් බලා
ප්‍රේමේ තවමත් නෑ වෙනසක් වෙලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders