පිපී පිපී රේණු නටන

Pipee Pipee Renu Natana
පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන් සුළන් පොදක් අපේ ඇඟේ ගෑවිලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලම්කුත් පෑදිලා
අසව් අසව් කොයි කාටත් රස පණිවුඩයක් කියා
රෑණ ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා
පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන් සුළන් පොදක් අපේ ඇඟෙත් ගෑවිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා
අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලා
වරකා ගහේ මී බැඳලා පැණි වරකා මෝරලා
කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා
හෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නාරද දිසාසේකර
All songs by නාරද දිසාසේකර