පෙරවදනක් නැති
Perawadanak Nathi
පෙරවදනක් නැති
අප පෙම් පුරාවතට
මට කුමටද තව
පසුවදනක් නුඹගෙන්
හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා
ගීයට විරාමායක් දේ නම්
මට කුමටද තව
පසුවදනක් නුඹගෙන්
එක සෘතුවකට පසුව
තව සෘතුවක් පැමිණේ නම්
ගහ කොල මල් දළුලා
යායට අලුතින් සැරසේ නම්
මට කුමටද තව
පසුවදනක් නුඹගෙන්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නදීක ජයවර්ධන