නිල් කඳු මිටියාවත

Nil Kandu Mitiyawatha
නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ
සොඳුරු බවින් යුත් අතීතයක්
මට නෑ හිමි වී ඇත්තේ
ඒ ගැන සිතමින් කෙලෙසද සොඳුරියේ
ඔබ වෙත මා ළං වන්නේ
සැනසුම් සුවයක සේයාවක්
ඉතිරිව නෑ ඔබ ඇසුරේ
සුපුරුදු තනිකම විතරද උරුමය
මට මේ මුළු දිවියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නදීක ජයවර්ධන
All songs by නදීක ජයවර්ධන