පමා වූ අතීතේ
Pamaa Woo Atheethe
පමා වූ අතීතේ
තාමත් හිත යට හඬන්නේ
තනිවෙනා වෙලාවේ
තනියට කඳුලයි තියෙන්නේ
මංගල පෝරුව සමීපේ
ඔහු ඔබ අතගත් නිමේෂේ
පවසන්නට බැරි සෙනේහේ
තාමත් තනි හිත හඬන්නේ
කුළුදුල් සිහිනය සිතාලා
තරුවැල් ගැණ ගැණ පැතූවා
රන් මුදුවක් සිත ඉරාලා
තනිකර යන ඔබ බලාලා
කොහොම ඉන්න ද ඉවසාලා
කඳුලෙන් නෙතු තටු වැසීලා
කවදාවත් හිමි නොවේවි
මේ දුකටත් නිම් නොවේවි
බොල් හුලඟක් ඔබ සිඹිද්දී
මා මිය ගිය බව කියාවී
ඔබට දුක් ගිනි නොලබා දී
මම සමුගන්නම් සිනාසී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by තීක්ෂණ අනුරාධ