ඔබ කුමුදිනියක් වී
Oba Kumudiniyak
ඔබ කුමුදිනියක් වී හිනැහේනම්
මම පහන් තරුව වී ලඟ ඉන්නම්
ඔබ රැල්ලක් වී දඟ පාවී නම්
මම වෙරළ වගේ නොසැලී ඉන්නම්
හද වේදනාව රිදවන මොහොතේ
මා ඔබ ගැන සිහිකර සැනසෙන්නම්
මුළු ලොවම රැයේ නිදිගත් මොහොතේ
ඔබ සිහිනෙක ඔබ ලඟම රැඳෙන්නම්
මගෙ නෙත් යුග ලඟ කඳුලක් වීලා
ඔබ කවදාවත් රිදවන්න එපා
මා ඔබ ගැන පැතු පැතුමන් සිඳලා
ඔබ තවත් සිතක තනිවෙන්න එපා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්දන ලියනාරච්චි