ඔබ දන්නවනම්
Oba Dannawanam
ඔබ දන්නවනම් එක කඳුළු බිඳක්
හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල උනත් නෙතු අගට ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්
එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපුනු මලත් කළු දෙබරු ඇවිත්
යලි ඔබේ පයට පෑගෙනවානම්
දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව් වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කරුණාරත්න දිවුල්ගනේ