නොනිදා ඉන්න එපා

Nonidaa Inna Epa
නොනිදා ඉන්න එපා දේවී
මට එන්න වේද දේවී
මමත් නොවේ දේවිත් නොවේ
කවුරු නම් දනීවී
හිස මුදුනේ හිරු ගිනිගෙන
කළු යකඩ පවා වැගිරෙන
උණුසුමෙන් උණු නොවී
සෙල් මුවා හදවතට දුක් ගිනි දැනෙන්නේ නැතී
නෙතු විලේ සොරොව් දොර බිඳ ලන කඳුළු පල නැතී
හිරු සඳු සේ දරු රැක ගෙන
පැණි රස සේ දුක් විඳ ගෙන
හිනැහියන් පෙම්බරී
හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරී
කටු ඇනී රිදුම් දෙන හදවත සමඟ නවතිමී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ජානක වික්‍රමසිංහ
All songs by ජානක වික්‍රමසිංහ